2024 ජනවාරි මස 12 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-01-12 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු වාසලතිලක ගෙදර නයන ප්‍රියංකර වාසලතිලක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
C : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXXVIII හා XXXIX කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ XIX, XX හා XXI කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ ─ V කොටස ─ ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂණ පද්ධති ස්ථාපනය කිරීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාව
B.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVII හා XXXVIII කොටස්, තෙවැනි කාණ්ඩයේ XVII කොටස සහ නවවැනි කාණ්ඩයේ XX හා XXI කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─ V කොටස ─ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය උපරිම ධාරිතාවයෙන් උපයෝජනය කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(ii) 2022 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ අග්‍ර විනිශ්චයකාරවරයා විමසා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 දෙසැම්බර් 14 දිනැති අංක 2362/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(iv) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තරුණ සේවා (පුද්ගලික) සමාගම සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු බුද්ධික පතිරණ මහතා
(ii) ගරු විමලවීර දිසානායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
නායයෑම් හේතුවෙන් අවතැන් වූ ජනතාව හට වන්දි ආදිය ලබාදීම
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
පාසල් ළමුන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
මුහුද මැද නෞකාවක පැවැත්වූවා යැයි කියන සාදය පිළිබඳව
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2023 ඔක්තෝබර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2024 අප්‍රේල් 18 දින දක්වා දීර්ඝ කළ යුතුය.
(ii) යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2023 නොවැම්බර් 16 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2024 අප්‍රේල් 22 දින දක්වා දීර්ඝ කළ යුතුය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 3 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
• ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් හේතුවෙන් නාගරික හා ග්‍රාමීය සමාජය විශාල දෙදරායාමකට ලක් වී ඇති හෙයින් ද, ක්ෂුද්‍ර මූල්‍ය හා කල්බදු ණය පහසුකම් සම්බන්ධයෙන් එකී ආයතනවල පෙළඹවීම මත ණය ලබාගත් විශාල පවුල් සංඛ්‍යාවක් මේ වනවිට දැඩි කම්පනයකට පත් වී ඇති හෙයින් ද, එම ආයතනවල පොලී අනුපාත විවිධ මට්‍ටම්වල පවතින හෙයින් ද, කල්බදු ණය පහසුකම් වාරික ගෙවීමට අපොහොසත්වන පුද්ගලයන් එම ආයතනවල විවිධ බලපෑම් හා ප්‍රචණ්ඩත්වයට ලක්වන හෙයින් ද, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් සපයන ආයතන දැඩි නියාමනයකට ලක් කිරීමට රජය විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• දේශීය සහල් වර්ගයන්හි පෝෂ්‍ය ගුණය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම
දැනට ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ දක්නට ලැබෙන පැරණි දේශීය සහල් හා දැනට භාවිතා කරන නව සහල් වර්ගයන්හි ඇති පෝෂ්‍ය ගුණය පිළිබඳව ද, විවිධ රෝගාබාධ ඇති අය භාවිත කළ යුතු සහල් වර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙන්ම, ගොවි ජනතාවට එම වී වර්ග වගා කිරීමට පහසුකම් සලසාදීම පිළිබඳව ද, රජය විසින් ජාතික මට්ටමේ වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• වැවිලි තේ කර්මාන්ත ක්‍රමය වෙනුවට කුඩා තේ වතු ක්‍රමයක් ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකාවේ තේ වගාව, වැවිලි ක්‍රමයට අයත් තේ වතු හා කුඩා තේ වතු ක්‍රමයට අයත් තේ වතු ලෙස දෙයාකාර වන හෙයින් ද, මින් වැවිලි ක්‍රමය මේ වන විටත් බිඳවැටෙමින් පවතින හෙයින් ද, වතු වැවිලි ක්‍රමය මඟින් සිදු කරන තේ වගාව, කුඩා තේ වතු ක්‍රමය දක්වා වෙනස් කොට එම වතුවල සේවය කරන කම්කරුවන්, කුඩා තේ වතුවල හිමිකරුවන් බවට පත් කොට ඒවා දියුණු කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු වේලු කුමාර් මහතා
(ii) ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1513 ට 2024 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






