2024 ජනවාරි මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-01-10 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ, 41 ඇ, 41ඈ සහ 41ඉ ව්‍යවස්ථා සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ ව්‍යවස්ථාවේ (3) අනු ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාදන ලදුව, 2023 දෙසැම්බර් 31 දිනැති අංක 2364/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii) 2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා
(iv) 2022 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හතලිස් හතර වන වාර්ෂික වාර්තාව
(v) 2021 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2022 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු අනුර දිසානායක මහතා
(ii) ගරු ජයන්ත සමරවීර මහතා
(iii) ගරු අසංක නවරත්න මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා
(ii) ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(iv) ගරු චාල්ස් නිර්මලනාදන් මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
සබරගමුව විශ්වවිද්‍යාලයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මුහුණ පා ඇති ගැටලුකාරී තත්වයන්
ගරු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(iii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
අලුතින් කැසිනෝ බලපත්‍ර ලබාදීම
ගරු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකාවේ භූමිය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද; ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“ත්‍රස්ත විරෝධී පනත”
නමැති පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2023 ජුනි මස 08 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2024 අප්‍රේල් මස 27 දින දක්වා දීර්ඝ කළ යුතුය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත
(iii) සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත
(iv) ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත
(v) නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(vi) වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(vii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් ප්‍රශ්නයක් අසන ලදී:-
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.