ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 ජනවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-01-09

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම  
C : පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙකුගේ  සේවය  අත්හිටුවීම පිළිබඳව     
D : නව පාර්ලිමේන්තු සංසද දෙකක් ස්ථාපනය කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XIX කොටස
(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ ─

  • VI කොටස ─ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව; සහ
  • VII කොටස ─ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් (LGLL) සමාගම විසින් 2022/2023 වර්ෂය සඳහා සිදුකළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ප්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා  ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)    2022 වර්ෂය සඳහා සීම‍ාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vii)    2022 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(viii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ix)    2022 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(x)    2022 වර්ෂය සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi)    2021/2022 වර්ෂය සඳහා සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව
(xii)    2021 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii)    2021 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xiv)    2022 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(xv)    2021 වර්ෂය සඳහා ජී එස් එම් බී ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(xvi)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xvii)    2022 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xviii)    2021 වර්ෂය සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය
(xix)    2020 සහ 2021 වර්ෂ සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තා
(xx)    2022 වර්ෂය සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(xxi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 නොවැම්බර් 01 දිනැති අංක 2356/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxii)    2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.11.01 සිට 2023.12.19 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xxiii)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 ජනවාරි 03 දිනැති අංක 2365/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xxiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxv)    1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 61 වගන්තිය සමඟ කියවිය යුතු 60 වගන්තිය යටතේ අග්‍ර විනිශ්චයකාරවරයාගේ එකඟත්වය ඇතිව, අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජූලි 30 දිනැති අංක 2238/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxvi)    1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 61 වගන්තිය සමඟ කියවිය යුතු 60 වගන්තිය යටතේ අග්‍ර විනිශ්චයකාරවරයාගේ එකඟත්වය ඇතිව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 26 දිනැති අංක 2303/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩිලාන් පෙරේරා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය විසින් පිළිගන්වන ලදී.
(iv)    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
(v)    පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නලින් ප්‍රනාන්දු මහතා                    
(ii)    ගරු තිස්ස අත්තනායක මහතා                    
(iii)    ගරු විජිත හේරත් මහතා    -   පෙත්සම් දෙකයි
(iv)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට සහ ගෘහ ඒකකවලට එල්ල වී ඇති ආර්ථික බලපෑම සහ විදුලි බිල සම්බන්ධ ගැටලු

ගරු අමාත්‍යවරු ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු අනුරාධ ජයරත්න මහතා
අම්බුළුවාව භාරය පිළිබඳ දිවයින පුවත්පත් වාර්තාව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගැන්වීය -

(i)    සුරක්ෂිතලත් ගනුදෙනු - සුරක්ෂිතලත් ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරිය පිහිටුවීම මඟින් චංචල දේපළ පිළිබඳ සුරක්ෂිතලත් ගනුදෙනු විධිමත් කිරීම පිණිස වූ ආයතනික රාමුවක් ඇති කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහා ද; එම අධිකාරියේ බලතල, කාර්ය සහ කර්තව්‍ය සඳහන් කිරීම සඳහා ද; ස්වකීය ණයකරුවන්ගේ චංචල ‍දේපළ පිළිබඳ තරඟකාරී සුරකු අයිතිවාසිකම් ඇති ණය හිමියන් අතර ප්‍රමුඛතා නිශ්චය කිරීම උදෙසා විධිවිධාන සැලැස්වීම සඳහා ද; සුරකු ගිවිසුම්වල පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් සඳහන් කිරීම සඳහා ද; චංචල දේපළවල සුරකු අයිතිවාසිකම් පිළිබඳ රෙජිස්ටරයක් පිහිටුවා පවත්වාගෙන යාමට විධිවිධාන සැලැස්වීම සඳහා ද; 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත ඉවත් කිරීම සඳහා ද; සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ

(ii)    කාලාවරෝධ (සංශෝධන) - (68 වන අධිකාරය වූ) කාලාවරෝධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
(iii)    භාර ලදුපත් (සංශෝධන) - (86 වන අධිකාරය වූ) භාර ලදුපත් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
(iv)    උකස් (සංශෝධන) - (89 වන අධිකාරය වූ) උකස් පනත සංශෝධනය කිරීම සඳහා වූ
(v)    කල්බදු මූල්‍යකරණ (සංශෝධන) - 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත්
(vi)    දේශීය භාර ලදුපත් (සංශෝධන) - 1990 අංක 14 දරන දේශීය භාර ලදුපත් පනත සංශෝධනය කිරීම සඳහා වූ
(vii)    සමාගම් (සංශෝධන) - 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වූ
(viii)    ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) - (117 වන අධිකාරය වූ) ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

(ix)    ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය - ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ද; මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා ද; 2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත ඉවත් කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

(x)    සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) - (129 වන අධිකාරය වූ) සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2, 5, 6 සහ 7 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 6 සහ 7 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    ‍ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත - සංශෝධන සහිතව - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 48; විරුද්ධව 7)
(ii)    ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම
(iv)    ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(v)    ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කපිල අතුකෝරල මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1744 ට 2024 ජනවාරි මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි