2023 දෙසැම්බර් මස 13 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-12-13 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2021 වර්ෂය සඳහා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
(i) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "සවීර පදනම (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.
(ii) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) “ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
(v) බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.
(vi) ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඩී. බී. හේරත් මහතා
(ii) ගරු සම්පත් අතුකෝරල මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ත්‍රිවිධ හමුදාවට සහ සිවිල් ආරක්ෂක බලකායට බලපාන කරුණු
ගරු මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු රොෂාන් රණසිංහ මහතා
තමා පිළිබඳ අසත්‍ය පුවත් වාර්තා
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1)හි විධිවිධාන ප්‍රකාරව සහ 2023 දෙසැම්බර් 12 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, 2023 නොවැම්බර් 17 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා විසි අටට (28) අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පත්කළ යුතු ය.
එකී කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අදාළ විෂය භාර අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතු ය.
එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (3) සංයුක්ත විය යුතු ය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“දහම් සෙවණේ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ගාමිණී ලොකුගේ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - විසිහයවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
විසර්ජන පනත් කෙටුම්පත (2024) (අයවැය) සභාව විසින් සංශෝධන සහිතව වැඩි ඡන්ද 41 කින් (පක්ෂව 122; විරුද්ධව 81; වැළකී සිටි 01) සම්මත කරන ලදී.
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 10 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 10 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-
(i) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iv) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාරිශ්‍රමික නිශ්චය කිරීම
(v) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1901 ට 2024 ජනවාරි මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.