ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 දෙසැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-12-11

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

පක්ෂ නායකවරු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීන් සමග යෝජිත “පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනත් කෙටුම්පත” පිළිබඳ රැස්වීම

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    “හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු ඩලස් අලහප්පෙරුම මහතා   -  පෙත්සම් දෙකයි  
           
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
කාබනික පොහොර ආනයනය පිළිබඳ විගණන වාර්තාව

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“රාජිත සේනාරත්න පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - විසිහතරවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 සිට 8 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත යටතේ නියෝග
(iii)    ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020)
(iv)    සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(v)    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019)
(vi)    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව - තුන්වැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 100; විරුද්ධව 55)
(vii)    මුදල් පනත් කෙටුම්පත
(viii)    පරිපූරක මුදල -  වැඩසටහන 01


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1710 ට 2023 දෙසැම්බර් මස 12 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි