2023 දෙසැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-12-10

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරී‌මේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : “රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරී‌මේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
තමා සම්බන්ධයෙන් ගරු චන්දිම වීරක්කොඩි මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

(i)    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    මුදල් පනත් කෙටුම්පත  
(iii)    පරිපූරක මුදල — වැඩසටහන 01

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1205 ට 2023 දෙසැම්බර් මස 11 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.