2023 දෙසැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-12-09

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 24 වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජුනි 01 දිනැති අංක 2334/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද අමරවීර‍ මහතා විසින් පිළිගන්වන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය ඒකකය සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ගරු ගාමිණී වලේබොඩ මහතා
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳ ප්‍රකාශ

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු දයාසිරි ජයසේකර මහතා
යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - විසිතුන්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියමය
(iii)    පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ නියෝග
(iv)    ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2021)
(v)    පොල් වගාකිරීමේ මණ්ඩල‍යේ වාර්ෂික වාර්තාව (2020)
(vi)    පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(vii)    තලවාකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(viii)    පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020)
(ix)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2021)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900  ට 2023 දෙසැම්බර් මස 10 වැනි ඉරිදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.