ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2010-02-05

ගරු සන්දනම් අරුල්සාමි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන)

පාර්ලිමේන්තුවේ ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ජාතික මට්ටමේ බරපතල ප්‍රතිවිපාක සහිත ත්‍රස්තවාදී හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල හෝ ජන කැළඹීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා කර ඇති තැනැත්තන්ගේ ද, ජාතික මට්ටමේ බරපතල ප්‍රතිවිපාක සහිත ස්වභාවික ව්‍යසනයක් හෝ විපත්තියක් මරණයට හේතුව වශයෙන් සෘජුව ම ආරෝපණය කළ හැකි තැනැත්තන්ගේ ද මරණ ලියාපදිංචි කිරීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

ප්‍රජා පාදක විශෝධන (සංශෝධන)

පාර්ලිමේන්තුවේ ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ප්‍රජා පාදක විශෝධන කොමසාරිස්වරයාගේ තනතුරු නාමය වෙනස් කිරීම සඳහා ද ඊට ආනුෂංගිකව වෙනත් ලිඛිත නීතිවල ද අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු ආර්. එම්. රංජිත් මද්දුමබණ්ඩාර මහතාට "කොටසර පියංගල රජමහා විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2010 පෙබරවාරි මස 02 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 87 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 102 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 15 ක් ප්‍රකාශ විය.


පහත පනත් කෙටුම්පත්හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 46 සිට 50 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i) දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව

(ii) ශ්‍රී පියරතන ප්‍රජා සංවර්ධන සහ සමාජීය පදනම (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව

(iii) ග්ලෝබල් හ්‍යුමනිටේරියන් ෆවුන්ඩේෂන් (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව

(iv) ශ්‍රී ධම්මාලංකාර සමාජසේවා පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව

(v) රතු පියුම (ජාත්‍යන්තර) ශ්‍රී ලංකා සංවිධානය (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව


පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 52 සිට 55 වශයෙන් සඳහන් වන) සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී:-

(i) සිරිනිවෙස් ප්‍රජාමිත්‍ර සහයෝගීතා කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ)

(ii) හැම්ප්ටන් විලේජ් ශ්‍රී ලංකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

(iii) මාළිගාවත්ත ජනාසා සහ සුභසාධක සමිතිය (සංස්ථාගත කිරීමේ)

(iv) පුලතිසි දරුවෝ පදනම් භාරය (සංස්ථාගත කිරීමේ)



අනතුරුව, සභාව පැය 1654 ට 2010 පෙබරවාරි මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි