2023 දෙසැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-12-08

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරී‌මේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වාර්ෂික වාර්තා
(ii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2019, 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා

(iv)    1974 අංක 35 දරන රේගු (සංශෝධන) සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත්වලින් සංශෝධිත රේගු ආඥා පනතේ (235 අධිකාරය) 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023  ඔක්තෝබර් 30 දිනැති අංක 2356/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ කේ. අයි. යූ. කැම්පස්  (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ඇක්වයිනාස් කොලේජ් ඔෆ් හයර් ස්ටඩීස් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 සැප්තැම්බර් 07 දිනැති අංක 2348/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(vi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය, එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය, හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය, සණස කැම්පස් ලිමිටඩ් ආයතනය සහ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 සැප්තැම්බර් 07 දිනැති අංක 2348/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(vii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ස්‍ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 සැප්තැම්බර් 13 දිනැති අංක 2349/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ කේ. අයි. යූ. කැම්පස්  (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ඔක්තෝබර් 09 දිනැති අංක 2353/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ මිනුම් හා සිතියම් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ඔක්තෝබර් 18 දිනැති අංක 2354/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ටර්නැෂනල් ඉන්ස්‍ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ඔක්තෝබර් 18 දිනැති අංක 2354/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය (ICASL) විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ඔක්තෝබර් 25 දිනැති අංක 2355/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ගේට්වේ කොලේජ් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 03 දිනැති අංක 2356/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 03 දිනැති අංක 2356/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, සාමාජික මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අනුර දිසානායක මහතා                    
(ii)    ගරු ඩලස් අලහප්පෙරුම මහතා  -  පෙත්සම් පහයි
(iii)    ගරු විමලවීර දිසානායක මහතා                    
(iv)    ගරු කපිල අතුකෝරල මහතා                    
(v)    ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය            
       
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු අනුර දිසානායක මහතා
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා ව්‍යවස්ථා ගැටලු සහ අධිවේගී මාර්ග ජාලය සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනයට පැවරීම

ගරු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආබාධ සහිත පුද්ගලයින් මුහුණපාන ගැටලු

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ගරු සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා
ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් තමා සහ තමන්ගේ පක්ෂ නායකයා පිළිබඳව සිදුකරන ලද ප්‍රකාශ

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

(i)    ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පහසුකම් ලබාදීම

(ii)    ගරු සනත් නිශාන්ත මහතා
2023 නොවැම්බර් 21 වැනි දින විරුද්ධ පක්ෂයේ නායකවරයා සමඟ සභාගර්භයේ දී ඇති වූ සිද්ධිය

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - විසිදෙවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 සිට 22 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2022)
(iii)    සැලසිනෙ රූපවාහිනි ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(iv)    සැලසිනෙ රූපවාහිනි ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(v)    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය (2020)
(vi)    සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව (2021)
(vii)    ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2015)
(viii)    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2019)
(ix)    සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව (2020)
(x)    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2019)
(xi)    ශ්‍රී ලංකා පදනමේ වාර්ෂික වාර්තාව (2021)
(xii)    සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව (2021)
(xiii)    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2020)
(xiv)    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2020)
(xv)    ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2015)
(xvi)    ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2016)
(xvii)    ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2017)
(xviii)    ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2016)
(xix)    ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2017)
(xx)    ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2018)
(xxi)    ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(xxii)    ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)  

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“අස්වැන්න වැඩි කරගැනීම සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජගත් සමරවික්‍රම මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1837  ට 2023 දෙසැම්බර් මස 09 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.