2023 දෙසැම්බර් මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-12-07 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXXVI හා XXXVII කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ XVI, XVII හා XVIII කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
- 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIII කොටස;
- 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXV කොටස; සහ
- 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIII හා XXXIV කොටස්, තෙවැනි කාණ්ඩයේ XVI කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අප්‍රේල් 03 දිනැති අංක 2326/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු ලසන්ත අලගියවන්න මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී :-
(i) නොතාරිස් (සංශෝධන) - (107 වන අධිකාරය වූ) නොතාරිස් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස
(ii) වංචා වැළැක්වීමේ (සංශෝධන) - (70 වන අධිකාරය වූ) වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - විසිඑක් වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ධාන්‍ය වලින් සාදන ආහාර (පෝෂ) නිෂ්පාදන සඳහා වැට් බදු සහනය ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අසංක නවරත්න මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1909 ට 2023 දෙසැම්බර් මස 08 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






