2023 දෙසැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-12-06

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : “වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
C : “‘‘මාතර සමය’’ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
D : “සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
E : විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
F : ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
G : කඳුකරය සුරැකීම පිළිබඳ පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම  

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021/2022 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා ගාලු උරුමය පදනමේ වාර්ෂික වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපා‍ර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු දුමින්ද දිසානායක මහතා                    
(ii)    ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා                    
(iii)    ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා                    
(iv)    ගරු නීතිඥ මධුර විතානගේ මහතා        
        
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
දරිද්‍රතාවය, අයවැය හිඟය, උද්ධමන අනුපාතය ආදිය පිළිබඳව සංඛ්‍යා දත්ත

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
තමන් පිළිබඳව ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - විසිවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    සංචාරක කටයුතු පනත යටතේ නියමය    
(iii)    බුද්ධශාසන අරමුදලේ වාර්ෂික වාර්තා (2016 හා 2017)  

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මහල් නිවාසවල අයිතිය, ආදිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1928 ට 2023 දෙසැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.