2023 දෙසැම්බර් මස 04 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-12-04

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රෝහණ දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පිළිබඳව ගරු රිසාඩ් බදියුදීන් මහතා විසින් නගන ලද චෝදනා සහ තමා පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“මලෛයහ ශිෂ්‍ය උසස් අධ්‍යාපන අරමුදල (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වේලු කුමාර් මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i) විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - දහඅටවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

(ii) ක්‍රීඩා පනත යටතේ නියෝග හතරක් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 සිට 5 දක්වා සඳහන් වන)

අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සීනි කර්මාන්ත ශාලාව විසින් ගල්ඔය ගොවි ජනතාවගෙන් අත්පත් කරගන්නා ලද ඉඩම් සම්බන්ධ ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2023 දෙසැම්බර් මස 05 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.