ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 දෙසැම්බර් මස 02 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-12-02

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “දක්‍ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(ii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 52(5) වගන්තිය සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ඔක්තෝබර් 25 දිනැති අංක‍ 2355/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii)    2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.10.01 සිට 2023.10.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු ඩී. බී. හේරත් මහතා    
           
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 57; විරුද්ධව 01; වැළකී සිටි 03) ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම

2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බංඩාර මහතා යන මන්ත්‍රීවරයන් අතර සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් 2023 දෙසැම්බර් 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බංඩාර මහතා යන මන්ත්‍රීවරයන්ගේ පාර්ලිමේන්තු සේවය අද දින එනම් 2023 දෙසැම්බර් 02 දින සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවන බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i) විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - දහහත්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

(ii) නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2021) (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 වශයෙන් සඳහන් වන)

අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ගුරු වැටුප් විෂමතාවයේ ඉතුරු කොටස ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1903 ට 2023 දෙසැම්බර් මස 04 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි