2023 දෙසැම්බර් මස 01 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-12-01 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ii) 2018 සහ 2019 වර්ෂ සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තා
(iii) 2022 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව
(iv) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු වීරසුමන වීරසිංහ මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම හා සම්බන්ධ කරුණු
ගරු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) ඉන්දියාවෙන් ප්‍රමිතියෙන් තොර දුම්රිය එන්ජින් සහ මැදිරි ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලිට්රෝ ගෑස් ලංකා ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් 2023.11.15 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.
වරප්‍රසාද
(i) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුරාධ ජයරත්න මහතා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසිතුන් දෙනෙක් විසින් 2023 නොවැම්බර් 13 දිනැති ලිපිය මඟින් ගරු කථානායකතුමා වෙත යොමු කරන ලද කරුණු ගරු කථානායකතුමා විසින් 2023 නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුවේදී ලබා දෙන ලද නියෝගය අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
(ii) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසිහය දෙනෙක් විසින් 2023 නොවැම්බර් 14 දිනැති ලිපිය මඟින් ගරු කථානායකතුමා වෙත යොමු කරන ලද කරුණු ගරු කථානායකතුමා විසින් 2023 නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුවේදී ලබාදෙන ලද නියෝගය අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
(iii) සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා විසින් 2023 නොවැම්බර් 13 දිනැති ලිපිය මඟින් ගරු කථානායකතුමා වෙත යොමු කරන ලද කරුණු ගරු කථානායකතුමා විසින් 2023 නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුවේදී ලබා දෙන ලද නියෝගය අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - දහසයවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1808 ට 2023 දෙසැම්බර් මස 02 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






