ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 නොවැම්බර් මස 30 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-11-30

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : “2024 අයවැය” සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා                    
(ii)    ගරු බුද්ධික පතිරණ මහතා           -    පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
මන්දපෝෂණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය, ළමා අපයෝජන සහ ඇඟලුම් කර්මාන්තශාලා සම්බන්ධ කරුණු

පිළිවෙළින් ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ගරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - පහළොස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    1990 සුවසැරිය පදනමේ වාර්ෂික වාර්තාව (2022)
(iii)    විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව (2021)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචනික වෙළඳාම් පාලනය සඳහා මාර්ගගත වෙළඳාම් පනතක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු උදයන කිරිඳිගොඩ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1834 ට 2023 දෙසැම්බර් මස 01 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි