2023 නොවැම්බර් මස 27 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-11-27 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු එස්. බී. දිසානායක මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික පැහැදිලි කිරීම්
ගරු රොෂාන් රණසිංහ මහතා
තමන්ගේ වාහනය පරීක්ෂා කිරීම පිළිබඳව ඩේලි මිරර් පුවත්පතේ පළ වූ වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - දොළොස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
(ii) රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2021) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උසස් පෙළ විෂය නිර්දේශයට සමාජ විද්‍යා විෂය ඇතුළත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1826 ට 2023 නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






