ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 නොවැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-11-23

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබඳ යෝජිත පනත් කෙටුම්පත” පිළිබඳව පක්ෂ නායකවරයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන විශේෂ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව
(ii)    2012, 2013, 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ටිරාන් අලස් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා තුනක්, එම කාරක සභාවේ සභාපතිවරයා              වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු සුදත් මංජුල මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් 2023.11.14 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
තමන් පිළිබඳව ගරු චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රකාශය

 

වරප්‍රසාද

(i)    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 නොවැම්බර් 22 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

(ii)    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 නොවැම්බර් 22 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    ‍විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - නවවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

(ii)    ආගාමික හා විගාමික පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 වශයෙන් සඳහන් වන)

අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ත්‍රිවිධ හමුදා ආබාධිත විශ්‍රාමික නිලධාරීන්හට ඔවුන් වැටුප් ලබන නිලයට අනුව නිලය භාවිතා කිරීමට අවසර ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1841 ට 2023 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි