2023 නොවැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-11-22 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
2023 නොවැම්බර් මස 21 වන දින පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇතිවූ සිද්ධිය පිළිබඳව
B : කාරක සභා අවස්ථාවේ විවාදයේදී සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන්
C : 2023 නොවැම්බර් 27 සහ 2023 දෙසැම්බර් 02 සහ 05 යන දින සඳහා සංශෝධිත කාරක සභා අවස්ථාවේ වැඩසටහන
D : පාර්ලිමේන්තු සංසද තුනක් ස්ථාපිත කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුව
(ii) 2023 - 2033 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව
(iii) 2022 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.
අමාත්‍යාංශ නිවේදන
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලිපිය
(ii) ගරු සජිත් ප්‍රේමදාස මහතා
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් විසින් තමාගේ කතාවට බාධා කිරීම
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
2023 මැයි 26 දින ඉදිරිපත් කරන ලද පහත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට ගරු ඉරාන් වික්‍රමරත්න මහතාට අවසර දෙන ලදී;
“වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන)”
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - අටවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 2 අනුමත කරන ලද අතර, 3 සිට 7 දක්වා අයිතමයන් ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-
(ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(iii) වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iv) නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(v) ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vi) සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vii) දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කෘෂිකාර්මික වගාවන් සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2023 නොවැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






