2023 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-11-21 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාදන ලද රීති
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(iii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 නොවැම්බර් 17 දිනැති අංක 2358/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ගාමිණී වලේබොඩ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සම්පත් අතුකෝරල මහතා
(ii) ගරු එච්. නන්දසේන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
සභා ගර්භයේ කටයුතු ජංගම දුරකථන ආදියෙන් පටිගත කිරීම සහ සමාජ මාධ්‍යට මුදා හැරීම සම්බන්ධයෙන්
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ජූලි 19 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2024) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනිවර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.
විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 122 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 77 ක් ප්‍රකාශ විය.
විසර්ජන පනත් කෙටුම්පත (2024) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1813 ට 2023 නොවැම්බර් මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






