ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 නොවැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-11-20

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගී වීම සහ අනෙකුත් සීමා කිරීම්
B : ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
C : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය

(ii)    ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
නීතිඥ සංජය මහවත්ත සහ තවත් පුද්ගලයින් විසින් මාධ්‍ය හමුවකදී තමන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම

(iii)    ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා
ගරු හේෂා විතානගේ මහතා විසින් තමන්ට එරෙහිව එල්ල කරන ලද චෝදනා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2024) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනිවර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ජාතික ඇගයීම් පනත් කෙටුම්පත නීතිගත කිරීම” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1821 ට 2023 නොවැම්බර් මස 21 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි