ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 නොවැම්බර් මස 14 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-11-14

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල (පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක 182, 183 සහ 184 හි ඇතුළත්) මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා

(ii)    2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය මත, සංචාරක සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජූලි 26 දිනැති අංක 2342/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම

ගරු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු චමින්ද වි‍ජේසිරි මහතා
පාර්ලිමේන්තුව තුළ තමාගේ ක්‍රියාකලාපය පිළිබඳව චෝදනාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2024) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනිවර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පාසල් විදුහල්පතිවරුන් බඳවාගැනීමේ පරිපාටිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1842 ට 2023 නොවැම්බර් මස 15 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි