ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 නොවැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-11-10

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “2024 අයවැය කතාව” සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ආරාධනා පත්‍ර යොමුකිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 අංක 02 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ii)    2020 වර්ෂය සඳහා ගාලු උරුමය පදනමේ වාර්ෂික වාර්තාව

(iii)    (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනතේ 23 වගන්තිය සමඟ කියවිය යුතු 52 වගන්තිය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2023 නොවැම්බර් 07  දින සාදන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ප්‍රසන්න රණතුංග මහතා                    
(ii)    ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා       
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදකාරී තත්වය

ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ලෝකයේ ඇති වී ඇති යුධ වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආදියට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් 2023.10.18 දින ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 55 සිට 58 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 56 සහ 57 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත — සලකා බැලීම
(ii)    පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii)    පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iv)    ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත - සංශෝධන සහිතව

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“උතුරු පළාතේ අභ්‍යන්තරිකව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රිසාඩ් බදියුදීන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755  ට 2023 නොවැම්බර් මස 13 වැනි සඳුදා පැය 1200 දක්වා කල් තබන ලදී.

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි