2023 නොවැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-11-09 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : 2023 නොවැම්බර් මස 13 වැනි සඳුදා ආරක්ෂක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(ii) 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 20 වගන්තිය සමඟ කියවිය යුතු 26 වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අගෝස්තු 18 දිනැති අංක 2345/74 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii) 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 54(1) සහ 54(2) වගන්ති යටතේ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අගෝස්තු 14 දිනැති අංක 2345/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(ii) ගරු උදයන කිරිඳිගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “මගේ සිහින යාපනය පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සාරතී දුෂ්මන්ත මහතාට අවසර දෙන ලදී.
(ii) “එස් ඕ එස් ළමා ගම්මාන ශ්‍රී ලංකා සංවිධානය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කුමාරසිරි රත්නායක මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(iv) පරිපූරක මුදල — වැඩසටහන 01
(v) දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය ඉවත්කිරීම සඳහා යෝජනා සම්මතය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1805 ට 2023 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






