ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 නොවැම්බර් මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-11-07

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය  
C : “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය     
D : “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
E : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම           
F : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව     
G : ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය     
H : ගරු චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය     
I  : 2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට ගරු කථානායකතුමා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XVIII කොටස;
  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LII කොටස;
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIII සහ නවවැනි කාණ්ඩයේ XXXIII කොටස; සහ
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX, XXI හා XXII කොටස්, තෙවැනි කාණ්ඩයේ XI හා XII කොටස් සහ නවවැනි කාණ්ඩයේ IX හා X කොටස්


B.
(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXI, XXII, XXIII, XXIV හා XXV කොටස්,  සිව්වැනි කාණ්ඩයේ VII හා VIII කොටස්, පස්වැනි කාණ්ඩයේ VI හා VII කොටස් සහ හයවැනි කාණ්ඩයේ VI, VII හා VIII කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ─

  • බන්ධනාගාර තුළ පවත්නා තදබදය කළමණාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණනය සම්බන්ධ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ - III කොටස; සහ
  • 2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 දක්වා කාලය තුළ දී ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දසවැනි කාණ්ඩයේ - IV කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(ii)    2022 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vi)    2020 වර්ෂය සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vii)    2022 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)    2022 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix)    2021 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

(x)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ඔක්තෝබර් 09 දිනැති          අංක‍ 2353/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xi)    2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.09.01 සිට 2023.09.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xii)    ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 13(1)(අ) සහ 13(1)(ආ) වගන්ති යටතේ සෙස් බද්ද සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජූලි 04 දිනැති අංක 2339/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු හා විදේශ රැකිය‍ා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv)    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු විජිත හේරත් මහතා    -    පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
බදු ආදායම සහ අනෙකුත් කරුණු

ගරු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ධීවර කර්මාන්තයේ ගැටලු සම්බන්ධයෙන් 2023.08.09 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාඨලී චම්පික රණවක මහතා
විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීම පිළිබඳව ‘සතිය’ පුවත්පතේ පළ වූ අසත්‍ය වාර්තාව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය හෙවත් සමථකරණය පිළිබඳ සිංගප්පූරු සම්මුතිය ක්‍රියාවේ යෙදවීම පිණිස ද; අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීම සහ බලාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 1 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii)    ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු  (මහාචාර්ය) චරිත හේරත් මහතා
(ii)    ගරු අකිල එල්ලාවල මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1719 ට 2023 නොවැම්බර් මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි