2023 ඔක්තෝබර් මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-10-20 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන්
C : පක්ෂ නායකවරයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන විශේෂ සාකච්ඡාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 මැයි 27 දිනැති අංක 2281/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2022 සැප්තැම්බර් 08 දිනැති අංක 2296/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii) 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 නොවැම්බර් 05 දිනැති අංක 2304/88 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv) 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 14 දිනැති අංක 2310/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(v) 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 18 සහ 19 වගන්ති සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 14 දිනැති අංක 2310/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු මයන්ත දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු රෝහණ දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී -
(i) ජාතික ජලශාස්ත්‍රීය - 1974 මුහුදේ දී ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ යම් නිශ්චිත බැඳියාවන් බලාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය පිහිටුවීම; ජලශාස්ත්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස.
(ii) දූෂණ විරෝධී (සංශෝධන) - 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම පිණිස.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සමාගම් පනත යටතේ නියෝග
(ii) මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේ නිවේදනය
(iii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
කල් තැබීමේ යෝජනාව
“ජාත්‍යන්තර මානුෂික නීතින් උල්ලංඝණය කරමින් වර්ධනය වන ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුමක් සඳහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු උදය ගම්මන්පිල මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1650 ට 2023 නොවැම්බර් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






