2023 ඔක්තෝබර් මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-10-19 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ බහාලුම්ගත ජංගම ඩීසල් විදුලිජනක යන්ත්‍ර මිලදී ගැනීමේ කාර්ය සාධනය සම්බන්ධ විගණන වාර්තාවේ - IV කොටස
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2023 වර්ෂයේ ජනවාරි සිට ජූලි දක්වා කාලපරිච්ඡේදය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමුවන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 ඔක්තෝබර් 17 දිනැති අංක 2354/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සහ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් (SLIIT) ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජූලි 12 දිනැති අංක 2340/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය (NSBM) විසින් ප්‍රදානය කරන පෝෂණය හා සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී ගෞරව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරයන්ගේ ආයතනය (ICASL) විසින් ප්‍රදානය කරන ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳ කළමනාකරණවේදී ගෞරව සහ ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳ කළමනාකරණවේදී උපාධි සහ රෝයල් ඉන්ස්ටිටියුට් ඔෆ් කලම්බු (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජූලි 17 දිනැති අංක 2341/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සීගීස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන කාර්යෝපාය සහ සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජූලි 25 දිනැති අංක 2342/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව සහ පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධි සහ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව සහ අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජූලි 31 දිනැති අංක 2343/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සීමාසහිත කාට්සු හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි (පෞද්ගලික) සමාගම (KIU) සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අගෝස්තු 15 දිනැති අංක 2345/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය සමාගමකට පවරා දීමේ උත්සාහය
ගරු කර්මාන්ත අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) රේගු ආඥා පනත යටතේ නියෝග
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක්
(iv) මුදල් පනත යටතේ නිවේදන දෙකක්
(v) මුදල් පනත යටතේ නියෝග දෙකක්
(vi) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා
(ii) ගරු අකිල එල්ලාවල මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1807 ට 2023 ඔක්තෝබර් මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






