ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ඔක්තෝබර් මස 17 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-10-17

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුකොට ගෙන ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු අලි සාහිර් මෞලානා සෙයියඩ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු ආසනය හිස් වීම පිළිබඳව
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම  
C : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව     
D : පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීම
E : සභාපති නාමාවලියේ කටයුතු කරනු ලබන මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වෙන රැස්වීම          

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XL කොටස;
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XX කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXII කොටස; සහ
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVII, XVIII හා XIX කොටස්,  තෙවැනි කාණ්ඩයේ IX හා X කොටස් සහ නවවැනි කාණ්ඩයේ V  හා VIII කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ii)    2022 වර්ෂය සඳහා හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(iii)    2022 වර්ෂය සඳහා ප්‍රජා පාදක වි‍ශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2014 වර්ෂය සඳහා තේ ශක්ති අරමුදලේ වාර්ෂික වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා ජාතික තරුණ සේව‍ා සභාවේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා                    
(ii)    ගරු නීතිඥ මධුර විතානගේ මහතා        -    පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) ඉන්දියානු අමුල් සමාගම සමග ස්ථාපනය කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපාරය

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
තමන් සහ ගරු නලින් බණ්ඩාර මහතා සම්බන්ධයෙන්  දිවයින සහ අරුණ පුවත්පත්වල පළ වූ ප්‍රවෘත්ති වාර්තා

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිණිස ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; එහි බලතල, කාර්ය සහ කර්තව්‍ය දැක්වීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“‍ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 3 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
(ii)    බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iii)    ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

 

කල් තැබීමේ යෝජනාව

“රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සියවස් පූර්ණ සැමරුම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1638 ට 2023 ඔක්තෝබර් මස 18 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි