අනාගතය උදෙසාවූ සාධනීය අදහස් හා යෝජනා, කෙටුම්පත් ලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරන්න පුළුවන් - ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා |
දිනය : | 2023-10-11 |
- රටේ ජීවනාලිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි - ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් පවසයි.
අනාගතය උදෙසාවූ සාධනීය අදහස් හා යෝජනා කෙටුම්පත් ලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට සිසු දරුවන්ට අවස්ථාව පවතින බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙරට සියලු ශිෂ්‍ය පාර්ලිමේන්තු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා සම්බන්ධ කරමින් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (ඔක්. 10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
රත්නපුර දිස්ත්‍රික්කයේ සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
ඒ අනුව රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය තෝරාපත්කර ගැනීම සිදුවුණි. අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දුන්හ.
මෙහිදී සභාව අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මෙරට ජීවනාලිය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බව ප්‍රකාශ කළහ. පාර්ලිමේන්තුව නොමැති රටක සියලු කටයුතු සම්පුර්ණයෙන් අක්‍රීය වන බව ප්‍රකාශ කළ කථානායකවරයා ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි පවතින වටිනාකම් ගැන මනා වැටහීමක් ලබාගත හැකි බව පෙන්වා දුන්නේය.
එමෙන්ම ශිෂ්‍ය අවධියේ සිට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව දැනුවත්වීමේ වැදගත්කම පැහැදිලි කරමින් ශ්‍රී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කළාය. තවද මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ උපත සිදුවූ ස්ථානයේ සිට (වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය) මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමට ලැබීම ඓතිහාසික අවස්ථාවක් බව පෙන්වා දුන්නේය. එමෙන්ම සභාව ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා, රටක පාලනය ස්ථාවර වීමට ජාතික ප්‍රතිපත්ති පැවතීමේ වැදගත්කම පෙන්වා දෙමින් පාසල් තුළද, තම පාසලේ සංවර්ධනය උදෙසා ස්ථිර ප්‍රතිපත්ති සකස්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙහිදී සාර්ථක අයුරින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් එම විද්‍යාලය මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල යන මහත්ම මහත්මින් වෙනුවෙන් සමරු සිහිවටන පිළිගැන්වීමද සිදුකෙරිණි. තවද ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන විද්‍යාලයීය සිසු දරුවන් වෙත සහතිකපත්‍ර ලබාදීමද සිදුවුණි. එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව වෙත තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී.
මේ අවස්ථාව සඳහා ගෞරවනීය මහා සංඝරත්නය, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත, නියෝජ්‍ය විදුහල්පති, ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා විද්‍යාලයීය සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











