ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ඔක්තෝබර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-10-06

නියෝජ්‍ය කාරක සභාපති ගරු අංගජන් රාමනාදන් මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව  
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය
(ii)    2021 වර්ෂය සඳහා ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(iv)    2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.08.01 සිට 2023.08.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු රංජිත් සියඹලාපිටිය මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
පොස්පේට් අපනයනය සහ අදාළ අනෙකුත් කරුණු

ගරු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

විදුලි වාහන එකලස් කිරීම සඳහා බදු සහන ලබාදීම සම්බන්ධයෙන් 2023.10.05 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

(i)    ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා රැස්වීමකදී තමාට තර්ජනය කිරීම

(ii)    ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කටයුතු වලට අදාළව මල්ටි කෙමිකල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී ගයනි ජයරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්ට එවන ලද ලිපිය

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2023 ජනවාරි 19 සහ 2023  ජුනි 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන් මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව  එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව,  2024 ජනවාරි 18 දින දක්වා දීර්ඝ කළ යුතුය.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ඔක්තෝබර් 05 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2023 ඔක්තෝබර් මස 17 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි