2023 ඔක්තෝබර් මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-10-04 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව, ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලදුව, මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2024 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව
B.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XV, XVI, XVII, XVIII, XIX හා XX කොටස්, සිව්වැනි කාණ්ඩයේ III, IV, V හා VI කොටස්, පස්වැනි කාණ්ඩයේ IV හා V කොටස් සහ හයවැනි කාණ්ඩයේ III, IV හා V කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ අනීතිකව ආනයනය කරන ලද හෝ එකලස් කරන ලද වාහනවල චැසි අංක හා එන්ජින් අංක දත්ත මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට වංචනිකව ඇතුළත් කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ව්‍යාජ සහතික නිකුත් කිරීම පිළිබඳ 2022 විශේෂ විගණන වාර්තාවේ - III කොටස
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු පියංකර ජයරත්න මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය සහ ගංවතුර තත්වය
අමාත්‍යාංශ නිවේදන
(i) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු සම්බන්ධයෙන් 2023.08.23 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍ය, ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම, බදු ප්‍රතිපත්ති ආදිය සම්බන්ධයෙන් 2023.10.03 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු ශෙහාන් සේමසිංහ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු කංචන විජේසේකර මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 3 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මත දෙකක්
(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක්
(iv) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු කුමාරසිරි රත්නායක මහතා
(ii) ගරු ඉම්රාන් මහරූෆ් මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 ඔක්තෝබර් මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






