ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ඔක්තෝබර් මස 03 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-10-03

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 සහ 2021 වර්ෂ සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(ii)    2022 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(iii)    2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 අප්‍රේල් 25 දිනැති අංක 2329/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(iv)    2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජූලි 25 දිනැති අංක 2342/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(v)    2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝප‍‍භෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 මැයි 31 දිනැති අංක 2334/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(vi)    2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝප‍‍භෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජූලි 13 දිනැති අංක 2340/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(vii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 මැයි 31 දිනැති අංක 2334/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජුනි 16 දිනැති අංක 2336/69 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජුනි 30 දිනැති අංක 2338/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 2, 12, 22 සහ 25 වගන්ති යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පානීය නොවන ස්ප්‍රීතු සඳහා වූ රීති සංශෝධනය සම්බන්ධයෙන් 2023 ජුනි 16 දිනැති  අංක 2336/70 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 01/2023 දරන සුරාබදු නිවේදනය)
(xi)    කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වගන්තිය යටතේ මත්පැන් සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජුනි 30 දිනැති අංක 2338/57 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 02/2023 දරන සුරාබදු නිවේදනය)
(xii)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(2) වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජූලි 21 දිනැති අංක‍ 2341/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජ‍ාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අගෝස්තු 29 දිනැති අංක‍ 2347/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි  

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(ii)    ගරු කුමාරසිරි රත්නායක මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම, බදු ප්‍රතිපත්ති ආදිය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා
තමන්ගෙ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය යනුවෙන් හඳුන්වනු ලබන භාරයක් පිහිටුවීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ

“ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

(ii)    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද; ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහා ද; තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද; ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ”

නමැති පනත් කෙටුම්පත ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
(iii)    සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග
(iv)    අධිකරණ සංවිධාන පනත යටතේ නියමය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මංජුලා දිසානායක මහත්මිය විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1741 ට 2023 ඔක්තෝබර් මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි