2023 සැප්තැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-09-22 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ශාන්ත බණ්ඩාර මහතා
(ii) ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“සුසරණ ලංකා පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අසංක නවරත්න මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්රි රහීම් මහතා විසින් කරනු ලබන පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය තාවකාලිකව අත්හිටවීම සඳහා වන යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2023 ඔක්තෝබර් මස 3 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






