2023 සැප්තැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-09-21 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : විනිශ්චයකාරවරුන්ගේ පෞද්ගලික පැවැත්ම ප්‍රශ්න කිරීම
B : සභාගත කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාවේ රහස්‍යභාවය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2021 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 අගෝස්තු 29 දිනැති අංක 2347/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ලලිත් වර්ණ කුමාර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(ii) ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
අ.පො.ස. (උ/පෙළ) විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
ඇතැම් මාධ්‍ය මගින් තමාට එරෙහිව අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
“සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නිරෝෂන් පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1829 ට 2023 සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






