2023 සැප්තැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-09-20 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(ii) 2022 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ කාර්ය සාධන වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(v) 2022 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 සැප්තැම්බර් 17 දිනැති අංක 2349/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) “බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.
(iii) බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නලින් ප්‍රනාන්දු මහතා
(ii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
මත්පැන් සහ බීර බලපත්‍ර සහ කංසා වගාව
ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(ii) වන සංරක්ෂණ ආඥාපනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රාජ්‍ය අංශයේ වැඩවර්ජන හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා වලට සිදුවන බලපෑම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1648 ට 2023 සැප්තැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






