ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ බංගලාදේශ කථානායක (ආචාර්ය) ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය අතර හමුවක්

දිනය : 2023-09-20

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කථානායක ගරු (ආචාර්ය) ශිරින් ෂර්මින් චෞද්රි (Shirin Sharmin Chaudhury) මහත්මිය සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා (සැප්. 18) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැවති ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවීම පිළිබඳව බංග්ලාදේශ කථානායක ගරු (ආචාර්ය) ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය මෙහිදී තම ප්‍රසාදය පළ කළාය. තවද, 2024 මුලදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දෙරට අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවද ඇය ප්‍රකාශ කළාය.

එමෙන්ම, බංග්ලාදේශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට බංග්ලාදේශ කථානායකවරිය මෙහිදී ආරාධනා කළාය.

එයට අමතරව, දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමය, සෞඛ්‍ය සේවාව, කර්මාන්ත ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, ආයෝජන සහ අපනයන ආදී කරුණු සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි.

මෙම හමුවීමෙන් අනතුරුව බංග්ලාදේශ කථානායක ගරු (ආචාර්ය) ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධිතයන් සඳහා වූ සටහන් පොතේ හි අත්සන් තැබීම ද සිදු කළාය.

 

6 5

1 9

8 10

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි