ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-09-22

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (සංශෝධන)

පාර්ලිමේන්තුවේ ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු ඩුලිප් විජේසේකර මහතාට "රෝහණ දිසානායක පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-

(i) පරිපූරක මුදල - ශීර්ෂය 145, වැඩසටහන 2 (නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යාංශය)
සභාව විසින් සම්මත කරන ලදී.

(ii) ග්‍රාස්රූට්ස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
දෙවැනි වර කියවීම සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.

(iii) අල්හාජ් එස්. එම්. එම්. හුසේන් පුණ්‍යාය භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
දෙවැනි වර කියවීම සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.

(iv) ශ්‍රී ලංකා ජමාඅත් අන්සාරිස් සුන්නතිල් මොහමදියා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
සභාව විසින් සම්මත කරන ලදී.

(v) තාලියවක ශ්‍රී ආනන්ද බෝධි සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
සභාව විසින් සම්මත කරන ලදී.

(vi) කරුණා සමාධි සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
සභාව විසින් සම්මත කරන ලදී.

(vii) මහනුවර ශ්‍රී කල්‍යාණෝදය සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මග නැගුම යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම් ආයතනය: වංචා හා දූෂණ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1613 ට 2009 සැප්තැම්බර් මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි