2023 සැප්තැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-09-08 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා 1990 සුව සැරිය පදනමේ වාර්ෂික වාර්තාව
(iv) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සම්පත් අතුකෝරල මහතා
(ii) ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
(iii) ගරු මායාදුන්න චින්තක අමල් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා
තම නිල නිවස සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ලයිව් @ 8’ තුළින් විකාශය වූ අසත්‍ය ප්‍රවෘත්තිය
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
“එකතු කළ අගය මත බදු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය
නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 73; විරුද්ධව 113) නිෂ්ප්‍රභා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2023 සැප්තැම්බර් මස 19 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






