ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තරුණ නායකයන් දැනුවත් කෙරේ

දිනය : 2023-09-06

ප්‍රජාතන්ත්‍රවාදය  සහ පාර්ලිමේන්තු  ක්‍රියාවලිය පිළිබඳව තරුණ නායකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව  විසින් පසුගියදා  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සංවිධානය කොට තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව පැෆරල්  ආයතනය විසින් මෙම වැඩමුළු සඳහා තරුණ නායකයන් තෝරා ගෙන තිබිණි. සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය ද්විත්වයෙන්ම පැවති මෙම වැඩමුළු සඳහා ප්‍රධාන සම්පත් දායකත්වය  සැපයූවේ , පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසිනි.

වැඩසටහන අරඹමින් අදහස් පළකළ පාර්ලිමේන්තු මහලේකම්වරිය සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය  සහ පාර්ලිමේන්තු  ක්‍රියාවලිය පිළිබඳව දැනුම ලබාගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණි සියයකට වඩා අධික තරුණ නායකයින්ගේ උනන්දුව අගය කරන බවයි. පාර්ලිමේන්තුවේ කාර්යභාරය  වැඩිදුරටත්  පැහැදිලි කරමින් ඇය පවසා සිටියේ, පාර්ලිමේන්තුව පිළිබඳ  නිවැරදි  තොරතුරු  බිම් මට්ටමට ගෙන යාමෙහි ලා තරුණ ප්‍රජාවට විශේෂ වගකීමක් පැවරෙන බවයි. පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ -ව්‍යවස්ථාදායක සේවා  ජනකාන්ත සිල්වා  යන මහත්වරුන් සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ පරිපාලන ජී. තච්චනරාණි මෙනෙවිය විසින් පාර්ලිමේන්තු  ක්‍රියාවලිය පිළිබඳ තරුණ - තරුණියන් දැනුවත් කරන ලදී.   
 
තරුණ ප්‍රජාව සඳහා කෙරුණු මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ  මහජන සේවා අංශය විසින්  පැෆරල් ආයතනය සමඟ එක්ව අඛණ්ඩව පවත්වාගෙන යන සුවිශේෂි දැනුවත් කිරීම් වැඩසටහන් මාලාවක තවත් එක් පියවරක් වශයෙන් සංවිධානය කෙරිණි.

 

1 5

7 2

12 3

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි