2023 සැප්තැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-09-06 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාඨලි චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
වරප්‍රසාද
(i) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 අගෝස්තු 25 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
(ii) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ජූලි 18 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“හේෂා මිත්‍රත්ව පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හර්ෂණ රාජකරුණා මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 1 සිට 3 දක්වා අනුමත කරන ලද අතර අයිතම අංක 4 සිට 6 දක්වා විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී:-
(i) විදේශ විනිමය පනත යටතේ නියමය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iii) ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
(iv) සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය
(v) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vi) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2023 සැප්තැම්බර් මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






