2023 සැප්තැම්බර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-09-05 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “දේශීය ආදායම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
C : විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
D : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය
E : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය
F : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) 2021 වර්ෂය සඳහා ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2022 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදලේ කාර්ය සාධන වාර්තාව
(viii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ අදාළ නියාමන අධිකාරීන් විමසා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජුනි 02 දිනැති අංක 2334/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ix) (451 අධිකාරය වූ) වන සංරක්ෂණ ආඥාපනතේ 24(1) (ජ), (ට) සහ (ඩ) වගන්ති සමඟ කියවිය යුතු 64(2) (ඊ) වගන්තිය, 23අ, 23ආ, 23ඇ, 23ඈ සහ 28(3) වගන්ති සමඟ කියවිය යුතු 64(1) වගන්තිය, 24(1) වගන්තිය, 3අ වගන්තියේ (3), (4) සහ (5), 6 සහ 64 වගන්ති, 3(4) වගන්තිය සහ 64 වගන්තිය සහ 58 හා 59 වගන්ති සමඟ කියවිය යුතු 64 වගන්තිය යටතේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය විසින් සාදන ලදුව 2023 අගෝස්තු 21 දිනැති අංක 2346/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(x) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූලි 04 දිනැති අංක 2339/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi) 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනතේ 4(1)(ඊ) වගන්තිය යටතේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 අගෝස්තු 26 දිනැති අංක 2294/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
(ii) ගරු එච්. නන්දසේන මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
අ.පො.ස. (උ/පෙළ) විභාගය පැවැත්වීම
ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම සඳහා වූ
“සිවිල් ගුවන් සේවා (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“වල්පොල පියනන්ද අධ්‍යාපන සහ සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සංජීව එදිරිමාන්න මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 2 සහ 3 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී. අයිතම අංක 4 සභාව විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී:-
(i) ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iv) වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“යහමගට පැමිණි බාලවයස්කරුවන්ට සහ තරුණ පිරිසට සමාජයේදී මුහුණ පෑමට සිදුවන බාධා සහ අසාධාරණකම්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මංජුලා දිසානායක මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1826 ට 2023 සැප්තැම්බර් මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






