ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 අගෝස්තු මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-08-25

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීම)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික විගණන කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ii)    1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 අධිකාරය වන) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 අගෝස්තු 11 දිනැති අංක 2344/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii)    2007 අංක 07 දරන සමාගම් පනතේ 222 වගන්තිය සමඟ කියවිය යුතු 527 වගන්තිය යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 මාර්තු 17 දිනැති අංක 2323/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

එක්ස්ප්‍රස් පර්ල් අනතුර සඳහා වන්දි ගෙවීම ආදිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු අලි සබ්රි රහීම් මහතා විසින් රත්‍රන් සහ ජංගම දුරකථන නිති විරෝධී ලෙස රට තුළට ගෙන ඒමේ ක්‍රියාව

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු එස්. ඒ. ආර්. මද්දුමබණ්ඩාර මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු බී. සිරිසේන කුරේ මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු (පූජ්‍ය) උඩවත්තේ නන්ද හිමි

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1432 ට 2023 සැප්තැම්බර් මස 5 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි