ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 අගෝස්තු මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-08-24

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය හා සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදුකරන පදනම් විරහිත චෝදනා

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2020 සහ 2021 වර්ෂ සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තා
(iii)    2020/2021 වර්ෂය සඳහා කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු විමල් වීරවංශ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,  ගරු බුද්ධික පතිරණ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ගාමිණී වලේබොඩ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අනුර දිසානායක මහතා                    
(ii)    ගරු ජයරත්න හේරත් මහතා                    
(iii)    ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය                    
(iv)    ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා                    
(v)    ගරු ගාමිණී වලේබොඩ මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු අනුර දිසානායක මහතා

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ දැමීම

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි

උතුර හා නැගෙනහිර පළාත්වල බෞද්ධ පුරාවිද්‍යාත්මක භූමිවලට අදාළ ගැටලු

ගරු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“ශ්‍රී ලංකා ක්‍රිකට්” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1944 ට 2023 අගෝස්තු මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි