ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 අගෝස්තු මස 11 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-08-11

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVII කොටස;
  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ L කොටස;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ L කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXVIII කොටස;
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXI කොටස; සහ
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ V, VI, VII, VIII හා IX කොටස්, තෙවැනි කාණ්ඩයේ II, III හා IV කොටස් සහ නවවැනි කාණ්ඩයේ II, III  හා IV කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019, 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තා
(ii)    2019/2020 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(iv)    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ වෙල්කම්හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 04 දිනැති අංක 2339/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු තාරක බාලසූරිය මහතා   
             
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය

ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

පරාටේ බලතල හා කල්බදු පනත සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ‍ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් ‍යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ‍ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් ‍යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2023 මැයි 12 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව  එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2024 පෙබරවාරි 20 දින දක්වා දීර්ඝ කළ යුතුය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

•    පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීම

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන බොහොමයක් වර්තමානය වනවිට කසළ බැහැර කිරීමේ වගකීම පෞද්ගලික සමාගම් වෙත භාර දීම හේතුවෙන් බදු ගෙවන ජනතාවගේ විශාල මුදලක් අදාළ සමාගම් වෙත විතැන් වන හෙයින් එම කාර්යය අදාළ පළාත් පාලන ආයතනයේ සේවකයන් යොදවා සිදු කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    රාවණා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදු කිරීම

රාවණා රජු පිළිබඳ නිශ්චිත ඉතිහාස තොරතුරු නොමැති වුවද, විධිමත් ගවේෂණයක් තුළින් ඔහු පිළිබඳ අප රටේ ආකල්ප නැංවීමටත්, රාවණා රජු සතුව තිබූ දැනුම රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට හා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සැඟවී ගිය පරිච්ඡේදයක් නිරාවරණය කර ගැනීමටත් හැකි වන බැවින්, විද්වත් කමිටුවක් හරහා රාවණා රජු පිළිබඳ ගවේෂණය කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් ප්‍රශ්නයක් අසන ලදී:-

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1441 ට 2023 අගෝස්තු මස 22 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි