ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 අගෝස්තු මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-08-10

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා  මිල්කෝ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

(iii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 සහ 53 වගන්ති සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අගෝස්තු 04 දිනැති අංක‍ 2343/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වාරිමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

අමාත්‍යාංශ නිවේදන

(i)    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2023.06.22 දින ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු අමාත්‍ය ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii)    ශ්‍රී ලංකාවේ ආදීවාසී ජනතාව සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු විදුර වික්‍රමනායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(iii)    කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනයේ ගැටලු සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගරු නලින් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “ජනරාජ පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හර්ෂණ රාජකරුණා මහතාට අවසර දෙන ලදී.

(ii)    “ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතාට අවසර දෙන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු මනෝ ගනේෂන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2023 අගෝස්තු මස 11 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි