ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 අගෝස්තු මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-08-09

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ වරප්‍රසාද පිළිබඳ තීරණය
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම  
C : ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයක් නවවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම

 

ගරු ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi)    2022 වර්ෂය සඳහා උපරිමාධිකරණ විනිශ්චයකාරවරු -ශීර්ෂ අංක 04 හි කාර්ය සාධන වාර්තාව
(vii)    2021 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(ix)    2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව
(x)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා‍වේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xi)    2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(xii)    2019, 2020 සහ 2021 වර්ෂ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා
(xiii)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xiv)    2022 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xv)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvi)    2022 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvii)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xviii)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාවේ වාර්ෂික වාර්තාව
(xix)    2020 වර්ෂය සඳහා ඉංජි‍නේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(xx)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩග්ලස් දේවානන්දා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා                    
(ii)    ගරු මිලාන් ජයතිලක මහතා                    
(iii)    ගරු කිංස් නෙල්සන් මහතා                    
(iv)    ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා                    
(v)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ධීවර කර්මාන්තයේ ගැටලු

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු

ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් 2023.08.08 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ජූලි 20 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත  - සංශෝධන සහිතව
(ii)    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත
(iii)    ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග පහක්
(iv)    ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කුකුල් පාලනය සහ බීඩි කර්මාන්තය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කබීර් හෂීම් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1719 ට 2023 අගෝස්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි