2023 අගෝස්තු මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-08-08 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : “ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
C : “ප්‍රාදේශීය සභා (සංශෝධන), නගර සභා (සංශෝධන) සහ මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
D : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
E : ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම
F : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය
G : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV, V හා VII කොටස් සහ හයවැනි කාණ්ඩයේ I කොටස
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─
- අපනයන කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය හා ප්‍රවර්ධනයට සම්බන්ධ රාජ්‍ය ආයතනවල කාර්යභාරය ඇගයීම සම්බන්ධ කාර්ය සාධන හා පරිසර විගණන වාර්තාවේ - I කොටස; සහ
- ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ සුවපහසු ජාතික මහජන සෞඛ්‍ය පද්ධතිය (තිරසර සංවර්ධන ඉලක්ක 3 (ඈ) සම්බන්ධ) තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම විගණනය කිරීම සම්බන්ධ කාර්ය සාධන හා පරිසර විගණන වාර්තාවේ - II කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා
(ii) 2022 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(iv) 2022 වර්ෂය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(vii) 2022 වර්ෂය සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(viii) 2022 වර්ෂය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2022 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජුනි 16 දිනැති අංක 2336/71 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xi) 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.06.01 සිට 2023.06.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xii) 2003 අංක 21 දරන සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනතේ 4(2) වගන්තිය සමඟ කියවිය යුතු 27 වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජනවාරි 14 දිනැති අංක 2314/80 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xiii) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 29අ(2) වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 අප්‍රේල් 21 දිනැති අංක 2328/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා
(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා
(iii) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(iv) ගරු කුමාරසිරි රත්නායක මහතා
(v) ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
(vi) ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
(ii) ගරු අනුර දිසානායක මහතා
උඩවලව කලාපයේ ජල ප්‍රශ්න
ගරු වාරිමාර්ග අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේය -
(i) දේශීය ආදායම් (සංශෝධන) - 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා
(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) - 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා
(iii) ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත - ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය යනුවෙන් හඳුන්වනු ලබන භාරයක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; අක්ෂි ශල්‍යකර්ම සඳහා ද විද්‍යාත්මක සහ තාක්ෂණික පර්යේෂණ හා අධ්‍යාපනය සඳහා ද අවශ්‍ය කුණීත, කෘතිම උපාංග සහ අනෙකුත් පටක සැපයීම පිණිස ද; අක්ෂි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කුණීත හා වෙනත් පටකවල අතිරික්තය වෙනත් රටවල් සමඟ බෙදා ගැනීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
(iv) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - (101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
(v) මැතිවරණ (විශේෂ විධිවිධාන) - මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා සහ දඩ මුදල් වැඩි කිරීම සඳහා ද; (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස වූ
(vi) ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ - නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ට තත්ත්වයන් ප්‍රදර්ශනයකොට ඇති උපදේශන නීතිඥවරයන් වශයෙන් වෘත්තියෙහි නිරත වන නීතිඥවරයන් විසින් සපයනු ලබන සේවාව පිළිගැනීමේ සහ අගය කිරීමේ අදහසින් යුක්තව, ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
කල් තැබීමේ යෝජනාව
“2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1657 ට 2023 අගෝස්තු මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






