ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජූලි මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-07-21

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව   
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම  

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXIX කොටස;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVIII හා XLIX කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVII කොටස;
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVII, XXXVIII, XXXIX හා XL කොටස්,  තෙවැනි කාණ්ඩයේ XVIII හා XIX කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXVI, XXVII,XXVIII, XXIX  හා XXX කොටස්; සහ
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I, II, III හා IV කොටස්,  තෙවැනි කාණ්ඩයේ I කොටස සහ නවවැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මයන්ත දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වාසුදේව නානායක්කාර මහතා                    
(ii)    ගරු එස්. එම්. මරික්කාර් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු හේෂා විතානගේ මහතා
(ii)    ගරු නීතිඥ මධුර විතානගේ මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 අගෝස්තු මස 8 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි