2023 ජූලි මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-07-20 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව.
(ii) 2021 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, සාමාජික මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව (වාර්තාව 1), එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව (වාර්තාව 2), එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සිරිපාල ගමලත් මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු ඉම්රාන් මහරූෆ් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
තිරිඟු පිටි නිෂ්පාදනය තහනම් කිරීම සම්බන්ධයෙන් 2023.07.19 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිතුරු සපයන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු පාඨලී චම්පික රණවක මහතා
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තමන්ගේ සහභාගීත්වය පිළිබඳව ‘මව්රට’ පුවත්පතේ පළ වූ අසත්‍ය වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2022 අංක 43 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ
“විසර්ජන (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ජුනි 08 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත - සංශෝධන සහිතව - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 66; විරුද්ධව 24)
(ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වැඩබලන විදුහල්පතිවරුන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීම සහ ගුරු උපදේශක සේවාවේ වැටුප් විෂමතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කුමාරසිරි රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1813 ට 2023 ජූලි මස 21 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






