ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජූලි මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-07-19

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව   
B : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන
(iii)    2022 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව

(vi)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 ජූලි 17 දිනැති අංක 2341/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
වතු කම්කරුවන්ගේ ගැටලු

ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු අනුර දිසානායක මහතා
තිරිඟු පිටි නිෂ්පාදනය තහනම් කිරීම

(iii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
පාසල් දරුවන් සඳහා දිවා ආහාරය ලබාදීම, මත්ද්‍රව්‍ය උවදුර නැති කිරීම සහ රටේ පවතින ආහාර අර්බුදය

ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

නව කැළණි පාලමේ සහ අධිවේගී මාර්ගවල ඇණ, මුරිච්චි, ජීඅයි බට ආදිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
තමන්ගේ පුත්‍රයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල පළ වූ අසත්‍ය ප්‍රවෘත්තිය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලද අතර, අයිතම අංක 3 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    දූෂණ විරෝධී පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii)    හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු චාල්ස් නිර්මලනාදන් මහතා
(ii)    ගරු සංජීව එදිරිමාන්න මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1351 ට 2023 ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි