ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජූලි මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-07-18

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම   
B : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2020 වර්ෂය සඳහා  ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)    2020 සහ 2021 වර්ෂ සඳහා  ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තා
(vi)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය සාධන වාර්තාව
(vii)    2020 වර්ෂය සඳහා සීමාසහිත ලංකා සතොස සමාගමේ වාර්ෂික වාර්තාව
(viii)    2021 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්

(ix)    2023 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
(x)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජුනි 14 දිනැති අංක‍ 2336/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xi)    (276 අධිකාරය වූ) නීති අධ්‍යාපන සභා ආඥාපනතේ 7 වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් සාදන ලදුව, 2023 මැයි 15 දිනැති අංක‍ 2332/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,  ගරු විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා                    
(ii)    ගරු අනුර දිසානායක මහතා                    
(iii)    ගරු නිමල් ලාන්සා මහතා                    
(iv)    ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා                    
(v)    ගරු නිමල් පියතිස්ස මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු

ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව පිළිබඳ තමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් ගරු එස්.එම්. මරික්කාර් මහතා විසින් ප්‍රකාශ කළ කරුණු

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාළ නීතිය ඒකාකාර ලෙස අදාළ වීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද; අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීමේ කාර්ය පටිපාටිය පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ‍ඉදිරිපත් කරන ලදී.

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

(i)    ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධානවල සහ 2023 මැයි 12 දින සහ 2023 ජුනි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවල කුමක් සඳහන්ව තිබුණ ද, ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, කථානායකවරයා විසින් පත්කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසිතුන් දෙනෙකුගෙන් (23) සමන්විත විය යුතු ය

(ii)    රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධානවල සහ 2023 ජනවාරි 19 දින සහ 2023 ජුනි මස 20 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවල කුමක් සඳහන්ව තිබුණ ද, රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, කථානායකවරයා විසින් පත්කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහහත් (17) දෙනෙකුගෙන් සමන්විත විය යුතු ය

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“විශේෂ වෙළඳ භාණ්ඩ බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඉරාන් වික්‍රමරත්න මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(ii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iii)    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

කල් තැබීමේ යෝජනාව

“පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණදී සිටින දුෂ්කරතා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1710 ට 2023 ජූලි මස 19 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි